දිස්ත්‍රික්ක කිහිපයකින් සරම්ප රෝගීන් වැඩි වශයෙන් වාර්තාවෙයි

December 27, 2023

දිස්ත්‍රික්ක කිහිපයකින් සරම්ප රෝගීන් වැඩි වශයෙන් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, නුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ වන දිස්ක්‍රික්කවලින් එසේ සරම්ප රෝගීන් වාර්තා වූ බව ලේකම්වරයා සඳහන් කළේය.

අද (27) සෞඛ්‍ය අමත්‍යාංශයේ පැවැති මධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඒ බව සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී සඳහන් කළේ සරම්ප රෝගය වැළක්වීම සඳහා විශේෂ වැඩසටහනක් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව ක්‍රියාත්මක කරන බවය.

t

o

p