සුරාසැල් වසා දමයි

December 23, 2023

එළඹෙන 25 සහ 26 යන දෙදින තුළ මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබේ.

ඒ, නත්තල් දිනය සහ උදුවප් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන්.

නමුත් මෙම නියෝගය මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද තාරුකා පන්ති වර්ගීකරණයට යටත් හෝටල සම්බන්ධයෙන් බල නොපැවැත්වෙන බව සඳහන්.

සංචාරකයින්ගේ පහසුව උදෙසා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙයි.

අදාළ නියෝගය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද සියලුම ආයතන සම්බන්ධයෙන් ද බලපැවැත්වන බව සඳහන්.

t

o

p