ක්‍රිස්තියානි දේවස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්

December 24, 2023

නත්තල් උත්සව සමය තුළ ක්‍රිස්තියානි දේවස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේ වැඩබලන පොලිස්පතිවරයා විසින් දේවස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් සිවිල් කමිටු පත් කරන ලෙස උපදෙස් දුන් බවයි.

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ඝෘජු අධීක්ෂණය යටතේ මූලස්ථාන පොලිස් අධිකාරීවරුන්ට හා ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී තිබෙනවා දේවස්ථාවලට පුද්ගලිකව ගොස් ආරක්ෂාව පරික්ෂා කර වාර්තාවක් යොමු කරන ලෙස ද වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇත.

එසේම 24 සහ 25 දින දෙකේ දී පොලිස් විශේෂ ආරක්ෂක බලකාය බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යෙදවීමට නියමිතය. නිලධාරීන් 5500කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට නියමිතය.

ප්‍රමාණවත් පොලිස් නිලධාරී සොයා ගැනීමට අපහසු ස්ථාන සදහා යුද හමුදාවේ හෝ ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීමට ද සැලසුම් කර තිබේ. යම් දේවස්ථානයකට ආරක්ෂාව පිළිබඳ ගැටළු ඇත්නම් 0112472757 යන අංකයට දැනුම් දෙන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පියතුමන්ලාගෙන් ඉල්ලා සිටියි.

t

o

p