බිංදුවට සිඳුණු සංචිත බිලියන 3.6ක් වෙලා

December 23, 2023

ජනාධිපති රනිල් ප්‍රමුඛ ආණ්ඩුව රට පාලනය බාරගන්නා අවස්ථාව වන විට විදෙස් සංචිතය මුළුමණින්ම සිදීගොස් තිබූ නමුත් මේ වන විට එය ඩොලර් බිලියන 3.6ක් දක්වා වැඩිකර ගැනීමට සමත්ව තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

ජනතාව ජනප්‍රිය තීන්දුවලට කැමති නිසාම දේශපාලඥයින් ද ජනප්‍රිය තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට පෙළඹුණු බවත් ඒ සෑම මොහොතකම රටක් ලෙස ආසාර්ථකත්වයට පත්වූ බවත් අමාත්‍යවරයා කීය.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ඩොලරයේ අගය සියයට 11කින් පහල දැමීමට හැකිවූ බවද අපි මේ වෙනස් කම් කළේ නැතිනම් තවමත් උන්ඩියල් කරන අය ඩොලරයේ වටිනාකම තීරණය කරනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

t

o

p