‘රැලි මේරියන්ස් – 2024’ හලාවතදී

December 20, 2023

හලාවත ශාන්ත මරියා පාසලේ පාසල් ගොඩනැගිලි හිඟයට පිළියමක් ලෙස නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සම්පාදනය කර ගැනීම සඳහා “රැලි මේරියන්ස් – 2024 ” (Rallymarians – 2024) නමින් මෝටර් රථ රැළියක් පැවැත්වීමට සැළසුම් කර ඇති බව මීගමුව ඇවෙන්ඩ්‍රා හෝටල් පරිශ්‍රයේ පසුගියදා (16 වැනිදා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, එම විදුහලේ විදුහල්පති ජනක නිශාන්ත පියතුමා අනාවරණය කළේය.

මෙම මෝටර් රථ රැළියේ සංකල්පය එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය, ශ්‍රී ලංකාවේ සුප්‍රකට මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

කිලෝ මීටර් 80 ක දුරකින් යුතු රැලි මේරියන්ස් මෝටර් රථ රැළිය සඳහා 100 දෙනෙකු පමණක් සහභාගී වීමට අවස්ථාව හිමි වන අතර, එය එළඹෙන 2024 වසරේ ජනවාරි මස 07 වැනි දින හලාවත සිට මීගමුව දක්වා ධාවනය කිරීමට නියමිතය.

මෙහි ප්‍රථම ස්ථානය දිනා ගන්නා ජයග්‍රාහකයාට රුපියල් දශ ලක්ෂයක මුදල් ත්‍යාගයක් හිමි වේ.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරා, ආදි ශිෂ්‍ය ශාලිත සොයිසා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

t

o

p