මීළඟ සංශෝධනයේදී විදුලි ගාස්තු අඩු කිරීමක්

December 19, 2023

2024 ජනවාරි මීළඟ සංශෝධනයේදී විදුලි ගාස්තු අඩු කිරීමක් සිදු කරන බව, බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 

ඒ මේ වනවිට උපරිමයෙන් ජල විදුලි උත්පාදනය සිදු කිරීම හේතුවෙන්. 

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසන ලදි. 

ඒ අනුව විදුලි බිල සංශෝධනයේදී වැඩිකළ ගාස්තු ප්‍රමාණය අඩුකළ හැකි බව විදුලිබල මණ්ඩලය අමාත්‍යාංශය වෙත දැනුම්දී තිබෙන බවයි වාර්තා වෙයි.

t

o

p