මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

December 19, 2023

විශේෂ කාර්ය බලකාය තංගල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී ජේෂ්ඨ පොලිස් අධිකාරී එච්.යු.එන්. ද සිල්වා මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී සම්පත් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය තංගල්ල කඳවුරේ උප පොලිස් පරික්ෂක ජි.ඒ.එන්.වි. සේනාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් (18) වන දින හුංගම පොලිස් වසමේ හුංගම සමෘද්ධි බැංකුව ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී නීති විරෝධීව තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 402 ක් සන්තකයේ තබාගෙන සිටි වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හුංගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

t

o

p