බිත්තර මිලියන 15ක් අද දිවයිනට

December 17, 2023

බිත්තර ආනයනයට අවසර හිමිවීමත් සමග ආනයනික බිත්තර තොගයක් අද රාත්‍රියේ මෙරටට ළගාවන බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව බිත්තර මිලියන 15ක් අද දිවයිනට ළගාවීමට නියමිතයි. එම බිත්තර පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමෙන් අනතුරුව වෙළඳපොලට නිකුත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර, 2024 වසරේ ජනවාරි මාසයේ සිට දිනකට බිත්තර ලක්ෂ 10 බැගින් වෙළඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

t

o

p