ධනංජය – කුසල්- වනිඳු නායක වගකීම් වලට

December 16, 2023

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් තුන සඳහා නව නායකයන් පත්කිරීමට තීරණය කර තිබේ.

ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ, ටෙස්ට් නායකත්වය ධනංජය ද සිල්වාටත්, එක්දින නායකත්වය කුසල් මෙන්ඩිස්ටත්, විස්සයි විස්ස නායකත්වය වනිඳු හසරංගටත් ලබාදීමට තේරීම් කමිටුවේ අවධානය යොමුවී ඇති බවය.

ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වාට සහ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට ලබාදීමට නව තේරීම් කමිටුව තීරණය කර ඇති බව සඳහන්ය.

එමෙන්ම ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය නායකත්වය කුසල් මෙන්ඩිස්ට පැවරීමට ද නව තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එහි උප නායකත්වයට චරිත් අසලංක පත් කිරීමට නියමිතය.

t

o

p