කුවේටයේ එමීර්වරයා මිය යයි

December 16, 2023

කුවේට් එමීර්වරයා වන ෂෙයික් නවාෆ් අල් අහමඩ් අල් ජබර් අල් සබා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 86 ක්.එමීර්වරයාගේ අභාවය කුවේටයේ අධිකරණ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් අබ්දුල්ලා අල්-සබා විසින් රාජ්‍ය රූපවාහිනියේ ඔස්සේ නිවේදනය කළ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කෙසේවෙතත් එමීර්වරයාගේ අභාවයට හේතුව කුමක්ද යන්න කුවේට් බලධාරීන් ප්‍රකාශයට පත් කර නැහැ. එහෙත් කුවේටය දින 40 ක නිල ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

t

o

p