කොළඹ ඇති අවදානම් ගස් හඳුනාගැනේ

December 16, 2023

කොළඹ නගරයේ වසර 100 කට වඩා පැරණි ගස් 558 ක් අනතුරුදායක බවට හඳුනාගෙන ඇති බව කොළඹ මහ නගර සභාවේ (CMC) කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසයි.

විවිධ පාර්ශ්වවලින් ලැබුණු තොරතුරු අනුව මින් පෙර අනතුරුදායක ලෙස හඳුනාගෙන තිබුණේ ගස් 330 ක් පමණක් බව ඇය සඳහන් කරයි.

කෙසේ වෙතත්, පසුව සිදුකළ පරීක්ෂාවකදී අනතුරුදායක ගස් 558 ක් හඳුනාගෙන ඇති අතර, ඉන් 214 ක් කොළඹ නගර සභාවේ මැදිහත්වීමෙන් ඉවත් කර තිබේ.

t

o

p