ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක් ලැබීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.
එම මුදල ජාත්‍යන්තර මූලය අරමුදලේ දෙවන වාරිකය ලැබුණු පසුව කොටස් වශයෙන් ලැබීමට නියමිත බව එහි සඳහන් විය.
මේ පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගෙන් විමසීමක් කළේ ය.
ඔහු පැවසුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබීමෙන් පසුව එම මුදල ලැබෙනු ඇති බවයි.
දෙවැනි වාරිකය මුදා හැරීම පිළිබඳ තීරණයක් ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව ලබන 12 වැනි දා රැස්වේ.