දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් හතරක් බලාත්මකයි

November 19, 2023

පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද පනත් කෙටුම්පත් හතරක් සඳහා කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කරන ලදි.

ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත, දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් වලට කථානායකවරයා සහතිකය සටහන් කොට තිබේ.

ඒ අනුව 2023 අංක 27 දරන ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත, 2023 අංක 28 දරන දූෂණ විරෝධී (සංශෝධන) පනත, 2023 අංක 29 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත සහ 2023 අංක 30 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත (17) සිට බලාත්මක වේ.

t

o

p