ලක්විජය තාප බලාගාරයේ ප්‍රධාන නඩත්තු කටයුතු අවසන්

November 19, 2023

නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ (Unit 02 Generator) අධි පීඩක හීටර් පද්ධතියේ (High Pressure Heater System) ඇතිවූ හදිසි බිඳවැටුම (Emergency Breakdown) නිසා එම ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීමට සිදුවූ අතර බලාගාරයේ කාර්ය මණ්ඩලය මෙම හදිසි බිඳවැටීම යථාතත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.

තවද මෙම බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රයේ ප්‍රධාන නඩත්තු කටයුතු (Level A – Major Overhaul) අවසන් කර ඇති අතර මේ වන විට එහි පරීක්ෂණ ධාවන කටයුතු (Test-Run) සිදු කරනු ලැබේ. ඒ අනුව මෙම තෙවන ජනන යන්ත්‍රය ඉතා ඉක්මනින් විදුලිය නිෂ්පාදනය සඳහා යොමු කිරීමට හැකිවේ.

මෙම හේතු නිසා විදුලිබල සැපයුමට බාධාවක් නොවන අතර මෙම නඩත්තු කාලය තුල උපරිම ලෙස ජල විදුලි නිෂ්පාදනය සිදුකරමින් අඛණ්ඩව විදුලිය සැපයීමට ලංවිම කටයුතු කරනු ලැබේ.

t

o

p