පන්විල කබරගල ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි

November 19, 2023

පන්විල කබරගල ප්‍රධාන මාර්ගයේ හාතලේ ප්‍රදේශයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට තිබේ.

පොලිසිය සඳහන් කළේ ඊයේ රාත්‍රී කාලයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙම පස් කඳු කඩා වැටීම සිදුවී ඇති බවයි.

ඒ ආසන්නයේ අවදානම් ලෙස පිහිටි නිවාස දෙකක පදිංචිකරුවන් 8 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ද කටයුතු කර තිබේ.

මාර්ගය අවහිර වීම හේතුවෙන් පන්විල සිට කබරගල දෙසට ගමන් ගන්න රථ වාහනවලට නාරම්පනාව, අරත්තන, මඩොල්කැලේ හරහා කබරගල දෙසට ගමන් කළ හැකියි.

කබරගල සිට පන්විල දෙසට ගමන් කරන වාහනවලට මඩොල්කැලේ, අරත්තන, නාරම්පනාව හරහා පන්විල දෙසට ගමන් කළ හැකි බවයි පොලිසිය සඳහන් කළේ.

අවහිර වූ මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

t

o

p