ළමා අපයෝජන පිළිබඳ ගැටලු විසඳන නිර්දේශ ඇතුළත් වාර්තාව සකස්කර අවසන්

November 16, 2023

ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන පිළිබඳ ගැටලු විසඳීම සඳහා වන නිර්දේශ ඇතුළත් වන වාර්තාව සකස් කර අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පවසයි.

ඒ එම මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය හා ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒකාබද්ධව 2023.11.10 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරල මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හා ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය ඒකාබද්ධව අදාළ සියලු ආයතන හා නිලධාරීන්ගේ අදහස් හා යෝජනා මත මෙම ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන පිළිබඳ ගැටලු විසඳීම සඳහා වන නිර්දේශ ඇතුළත් වන වාර්තාව සකස් කළ බව සංසදයේ සභාපතිවරයා පැවසීය.

මෙම වාර්තාවේ පවතින නිර්දේශ ක්‍රියාත්මක වීම ඔස්සේ ශ්‍රී ලංකාවේ සිදුවන ළමා අපයෝජන තත්ත්වයන් අවම කිරීමට හා පලනය කිරීමට ප්‍රායෝගික මට්ටමින් ඉඩ ප්‍රස්ථා ලැබෙන බවද ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය අවධාරණය කරනලදි.

මේ අතර දිවයින පුරා පාසල්වල ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ඒකාබද්ධ ජාලයක් යටතේ සිදු කිරීමට මේ වනවිට සැළසුම් සකස් කර ඇති බවද ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරිය පැවසුවාය. මේ ඔස්සේ පාසැල් දරුවන් අපහසුතාවයට පවත් නොවන ආකාරයට මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක වන බවද සංසදය පැවසීය.

ළමුන් සඳහා ලිංගික අධ්‍යාපනය නිවැරදිව නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මතුව ඇති ගැටලු සම්බධයෙන්ද මෙහිදී සාකච්ජා විය. එහිදී අදහස් දක්වමින් සභාපතිවරිය, වයස් ඛාණ්ඩ අනුව ළමුන් සඳහා ලිංගික අධ්‍යාපනය නිවැරදිව ලබාදීම සඳහා මේ වනවිට නව විෂය නිර්දේශ මාලාවක් සම්පාදනය කර අවසන් බව පවසයි.

t

o

p