අයහපත් කාලගුණ තත්ත්වයෙන් ප්‍රදේශ රැසකට පීඩා

November 9, 2023

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමඟ ප්‍රදේශ රැසකට තද වැසි ඇද හැලිණි.

ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල, අඹේපුස්ස ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, එහි අගය මිලිමීටර් 105.8ක් ලෙස සඳහන් විය.

ප්‍රදේශයේ මාර්ග රැසක් වැසි ජලයෙන් යට වී තිබිය දී ඒ හරහා යතුරු පැදියකින් ගමන් ගත් පුද්ගලයකු සැඩ පහරේ ගසාගෙන ගොස් තිබූ අතර, දොඹකරයක් ආධාරයෙන් ඔහු බේරාගෙන තිබිණි.

මේ අතර, කොළඹ නගරය අවට මාර්ග රැසක් ද ජලයෙන් යට වී තිබුණු බව වාර්තා විය.

එමෙන්ම කොළඹ ස්ථාන කිහිපයක ගස් කඩා වැටීම් ද වාර්තා විය.

t

o

p