බදුල්ල – කොළඹ මාර්ගයේ එක් මං තීරුවක් විවෘත කරයි

November 7, 2023

අධික වර්ෂාවත් සමඟ ඇති වූ නායයෑම් හේතුවෙන් බදුල්ල – කොළඹ මාර්ගයේ බත්ගොඩ ප්‍රදේශයෙන් කොටසක් අවහිර වීම හේතුවෙන් එම ප්‍රදේශයේ’ගමනාගමනයට බාධා එල්ල විය.

මෙම සිද්ධිය හේතුවෙන් මාර්ගය වසා දැමීමට බලධාරීන්ට සිදුවිය.

කෙසේ වෙතත් එම ප්‍රදේශය නැවත ඇගයීමෙන් අනතුරුව එම මාර්ගයේ එක් මංතීරුවක් යළි විවෘත කිරීමට නිලධාරීන් එකඟ වී තිබේ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්ප්‍රාදේශීය සභාව, පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ටෙලිකොම්, විදුලිබල මණ්ඩලය සහ දැව සංස්ථාව එක්ව රථවාහන ගමනාගමනය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

t

o

p