ඇමරිකානු ඩොලර් 58000ක් වටිනා ඖෂධ ආධාර තොගයක් ඉදිරි සතිය තුළ දී මෙරටට ලැබීමට නියමිතව තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ලංකා බංග්ලාදේශ මහ කොමසාරිස් (H.E) Tareq Md Ariful Islam මහතා අතර පැවති හමුවකදී යි මෙම කරුණු අනාවරණ වී ඇත්තේ.
ඒ අතර මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54 ක් වන බවත්, විශේෂයෙන් පිළිකා හා වකුගඩු ඖෂධ මේ අතර ප්‍රධාන වන බවත් ශ්‍රී ලංකා බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබේ.
මෙම ඖෂධ ආධාර තොගයට අමතරව බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යංශය හරහා ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා තවත් ඖෂධ ආධාර තොගයක් ඉදිරියේ දී ලැබීමට නියමිත බවයි මහ කොමසාරිස්වරයා එහි දී ප්‍රකාශ කර ඇත්තේ.