වතු කම්කරුවන්ට නිවාස දස දහසක්

November 3, 2023

කොටගල පිහිටි මවුන්ට් වර්නන් වතුයායේ පහළ දිඹුල කලාපයේ නිවාස දස දහසක් (10,000) ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මුල්ගල් තැබීම සිදු කර තිබේ.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් අමාත්‍ය නිර්මාලා සීතාරාමන් මහත්මිය විසින්.

මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් කඳුකර දමිළ ජනතාව වෙනස් ප්‍රජාවක් ලෙස නොසළකා ඔවුන් සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කුමන ජන කොටසක් නියෝජනය කළද සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතිවාසකම් දිනා දීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව පැවසූ ජනාධිපතිවරයා සියලුදෙනා එක්කර ගනිමින් ශ්‍රී ලංකාව දියුණු රටක් ලෙස ගොඩනැගීම තම අරමුණ බව ද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කඳුකර දමිළ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් (02) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ පැවති “නාම් 200” (අපිට 200) සැමරුම් උත්සවය අමතමිනි.

කඳුකරයේ දමිළ ජනතාව 5000කට වැඩි පිරිසක් මීට එක්ව සිටී අතර ඔවුන් ඉතා උණුසුම් ලෙස මෙහිදී ජනාධිපතිවරයාව පිළිගත්හ.දමිළ සංස්කෘතිකාංග රැසකින් උත්සවය වර්ණවත් විය.

t

o

p