දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (23) රාත්‍රියේ දී මිලිමීටර 75 ඉක්ම වූ තද වැසි

October 23, 2023

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (23) රාත්‍රියේ දී මිලිමීටර 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිං ගගේ අත්තනගලු‍ ඔයේ ජල මට්ටම ද ඉහළ යමින් පවතින බවයි.

තව ද නිල්වලා ගංගාවේ ජල මට්ටම ද ඉහළ ගොස් තිබේ.

ඒ හේතුවෙන් කොටපොළ, පිටබැද්දර, පස්ගොඩ, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වල පහත් බිම් වල ඇතැම් ප්‍රදේශවල සැළකිය යුතු මට්ටමේ ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අද රාත්‍රියේ හම්බන්තොට – මුරුතවෙල ජලාශයේ වාන් දොරටු විවෘත කරන බැවින් ඌරුබොක්ක ඔය දෙපස සිටින ජනතාව ඒ සම්බන්ධයෙන් අවදානයෙන් සිටිය යුතු වේ.

t

o

p