වල් වැවී ඇති ඉඩම් වගාකිරීම සදහා ලබාදීමට අවශ්‍ය නීතී සංශෝධන වහාම සකසන්න – පාර්ලිමේන්තු අංශික අධීක්ෂණ කාරක සභාව

October 24, 2023

බදු පදනම යටතේ පෞද්ගලික අංශයට ලබා දී ඇති රජයේ සතු වතු සම්බන්ධවද කාරක සභාවේ දී සාකච්ඡාවට ලක්කරන ලද අතර, වැවිලි සමාගම් විසින් අතැහර දමා වල් වැවී ඇති අක්කර දහස් ගණනක ඉඩම් වගාකිරීම සදහා අවට පදිංචි වැසියන්ට ලබාදීමට අවශ්‍ය නීතී සංශෝධන වහාම සකස් කරන ලෙස ද කාරක සභාව නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දෙනලදි.

මෙයට අමතරව, ජාතික සමාජ සංවර්ධන ආයතනය විශ්ව විද්‍යාලයක් ලෙස පරිවර්තනය කිරීමට අදාළ නව පනත් කෙටුම්පතක් සකස් කරමින් පවතින බව කාරක සභාවේ අනාවරණය විය. ඒ අනුව, වර්තමාන රැකියා ප්‍රවණතාවයන්ට ගැලපෙන ආකාරයට අලුත් උපාධි පාඨමාලා හතරක් සහ විවිධ පාඨමාලාවන් හඳුන්වා දීමට මේ තුළින් බලාපොරොත්තු වන බව නිලධරීන් මෙහිදී පෙන්වා දුන්නේය.

අයනතනෙය් මූල්‍ය ස්ථාවරභාවය, අරමුණු හා පරමාර්ථ සමග ගැලපෙන අයුරින් මෙම ක්‍රියාවලිය සිදුවිය යුතු බව කාරක සභාව මෙහිදී පෙන්වා දුන්නේය. ඒ අනුව, ජාතික සමාජ සංවර්ධන ආයතනය එහි අරමුණු ඉටුකරන විශ්ව විද්‍යාලයක් බවට පරිවර්තනය කිරීම පිළිබඳ කටයුතු සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ මුදල් අමාත්‍යංශයේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව හා අයවැය දෙපාර්තමේන්තුව යන අංශ නියෝජනය වන පරිදි පුළුල් කමිටුවක් පත් කර, ඒ පිළිබඳ කාරක සභාවට වාර්තා කරන ලෙස කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

t

o

p