ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ජය වාර්තා කරයි

October 21, 2023

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 49 පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 262ක් රැස් කරන ලදි.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 2ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කරන ලදි.

සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 91ක් ලබා ගත්තා. පැතුම් නිස්සංක ලකුණු 54යි. චරිත් අසලංක ලකුණු 44ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 30ක් රැස් කළේය.

t

o

p