එජාපයේ විශේෂ මහා සම්මේලනය අද කොළඹ දී

October 21, 2023

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අද (21 දා) සවස 2.00 ට පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

අද (21) පස්වරු‌ 02.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී මෙම සම්මේලනය පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

“Smart Country – ජයගමු 2048” යන්න මෙවර සමුළුවේ තේමාව වී තිබේ.

නව ලොවට මුහුණදෙමින් අනාගත පරම්පරාවට පහසුවෙන් රට ගොඩනැගීමට හැකි දේශපාලන පක්ෂයක් ලෙස පරිවර්තනීය වෙනසක් කිරීම සඳහා පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ද මෙහිදී සිදුකිරීමට නියමිතයි.

අද පැවැත්වෙන සම්මේලනයේදී අනාගත පරපුරට පක්ෂයේ ඉඩ ප්‍රස්ථා හා නිම් වළලු වඩාත් පුළුල් කිරීමට සුවිශේෂී ව්‍යවස්ථා සංශෝධන කිහිපයක් එක්කරන බව පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

t

o

p