කොළඹ – බදුල්ල මාර්ගයට හපුතලේදී පස් කන්දක් කඩා වැ⁣ටෙයි

October 21, 2023

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ – බෙරගල අතර උඩවිහාරගල ප්‍රදේශයට පස්කන්දක් කඩා වැටීමෙන්, වාහන ධාවනයට බාධා එල්ල වී තිබේ.

බදුල්ල දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම්. උදයකුමාර මහතා පැවසුවේ, ප්‍රදේශයට ඇදහැලෙන අධික වැසි සමග පස් කන්ද කඩා වැටී ඇති බවයි.

මෙම මාර්ග කොටස අතර ස්ථාන 03කදී ප්‍රධාන මාර්ගයට පස් සහ ගල් වැටී ඇති බව තවදුරටත් වාර්තා වෙයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ මේ හේතුවෙන් අද (21) දහවල් 2.30 පමණ සිට මෙම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම අඩාළ වී ඇති බවයි.

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් පස් ඉවත්කිරීමේ කටයුතුවලට ද බාධා එල්ලවී ඇති අතර මෙම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසද එම ස්ථාන නැරඹීමට යෑමෙන් වළකින ලෙසද පොලීසිය දැනුම් දෙයි.

t

o

p