ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති ණය පහසුකමේ දෙවන වාරිකය නිදහස් කිරීමට කාර්ය මණ්ඩල එකඟතාව හිමිවී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිළධාරින් පසුගියදා මෙරටට පැමිණ ණය වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ අධ්‍යනය කළේ ය.
දෙවන ණය වාරිකය එලෙස මුදාහැරීමට එකඟතාව පළවී තිබෙන්නේ ඉන් පසුවයි.
මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය මත, ශ්‍රී ලංකාවට විශේෂ ගැනුම් හිමිකම් මිලියන 254ක්, එනම් අමෙරිකානු ඩොලර් මිලියන 330ක් පමණ වෙත ප්‍රවේශය හිමිවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම යටතේ මේ දක්වා මුදාහැර ඇති සම්පූර්ණ මූල්‍යාධාර වටිනාකම ඩොලර් මිලියන 660ක් වනු ඇත.