කොළඹ පැවති සාගර ආරක්ෂක සමුළුවේදී ඉන්දියානු සාගරය පිළිබඳ අවධානය

October 19, 2023

කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය, උපාය මාර්ගික අධ්‍යයන සඳහා වන කලාපීය මධ්‍යස්ථානය (RCSS) සහ එක්සත් ජනපදයේ සාමය පිළිබඳ ආයතනය (USIP) සමඟ එක්ව, “සාගර ආරක්ෂාව: දකුණු ආසියාව සහ ඉන්දියන් සාගරය” සම්මන්ත්‍රණය සඳහා ඉන්දු ශාන්තිකර කලාපයේ විද්වතුන් එකට එක් කරන ලදී. පාරිසරික ආරක්ෂාව, කලාපීය සහයෝගීතාව, පාලනය, සාමය ගොඩනැගීම, නීල ආර්ථිකය, වෙළඳාම සහ සාගර ආරක්ෂණ පර්යේෂණ වැනි ක්ෂේත්‍ර ආවරණය කරමින් ඉන්දියන් සාගරය සම්බන්ධයෙන් විශේෂඥතාවයක් දක්වන ජාත්‍යන්තර පර්යේෂකයන්ට මෙම සමුළුවේදී සත්කාරකත්වය ලබාදුනි.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය සිය සමාරම්භක අදහස් දැක්වීමේදී ඉන්දියානු සාගරය කෙරෙහි අවධානය යොමු කළ දකුණු ආසියානු විද්වතුන්ගේ ජාලය අගය කළාය. කලාපයේ නීල ආර්ථිකය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන භූමිකාව ඉස්මතු කරමින් ඇය කියා සිටියේ, “තිරසාර නීල ආර්ථික සඳහා ආයෝජනය කිරීම වැඩි ප්‍රතිඵල ගෙන දෙන්නක්, ඉන් ආර්ථික සංවර්ධනය වේගවත් කරන අතර පාරිසරික ආරක්ෂාව සහ ආර්ථික වර්ධනය අන්‍යෝන්‍ය වශයෙන් ශක්තිමත් වන ආකාරය පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දු ශාන්තිකර කලාපය මුළුල්ලේ අනෙකුත් ජාතීන් සඳහා සමෘද්ධිමත් නීල ආර්ථිකයක් සහතික කිරීමට එක්සත් ජනපදය කැපවී සිටිනවා. 2022 දී ඉන්දු-ශාන්තිකර උපායමාර්ගය දියත් කළ තැන් පටන්, එක්සත් ජනපද රජය, ඉන්දු-ශාන්තිකර ප්‍රමුඛතා සඳහා කැප වූ කලාපය තුළ ඩොලර් බිලියන 2 කට අධික විදේශ ආධාර ලබා දෙන බව නිවේදනය කර තිබෙනවා.”

මේ වසරේ 75 වැනි සංවත්සරය සමරන එක්සත් ජනපද ශ්‍රී ලංකා ද්වී පාර්ශවීය සබඳතාවල ශක්තිමත් බව පිළිබඳව ද අදහස් දැක්වූ චංග් තානාපතිතුමිය, “තම අපේක්ෂා සහ අරමුණු මුදුන්පත් කර ගැනීමට, ලෝක වේදිකාවේ සමානයකු ලෙස පිළිගනු ලැබීමට, සහ තම වටිනාකම් සහ අවශ්‍යතා මෙන්ම තම ජනතාවගේ ලැදියාවන් සමගින් සමපාත වන තීරණ ගැනීමට ශ්‍රී ලංකාවට ඇති අයිතිය එක්සත් ජනපදය පිළිගැනීමට ලක් කරනවා.”

වොෂින්ටනයේ පිහිටි එ.ජ. සාමය පිළිබඳ ආයතනයෙන් පැමිණි විද්වතකු වූ නිලන්ති සමරනායක මහත්මිය මේ අවස්ථාවේ මුඛ්‍ය දේශනය පවත්වමින් මෙසේ සඳහන් කළාය, “ඉන්දියානු සාගරයට වැදගත්කම එන්නේ එකකට එකක් හමුවන අරමුණු නිර්මාණය කරන්නා වූ ආර්ථික බලය හරහායි. මලක්කා සමුද්‍ර සන්ධිය හරහා ශාන්තිකරයේ කාර්යබහුල මුහුදු මාවත් සමගින් ද මැදපෙරදිග සහ අප්‍රිකානු සමුද්‍ර සන්ධි වන හෝර්මුස් සහ බැබල්-මැන්දබ් සහ මොසැම්බික් ඕඩය හරහා ද මේ කලාපය සම්බන්ධ කරනවා. ඉන්දියන් සාගරයේ සැලකිය යුතු ප්‍රමාණයකින් හයිඩ්‍රොකාබන, බහාලුම් සහ තොග භාණ්ඩ ප්‍රවාහනය දක්නට ලැබෙනවා. මෙම කලාපයේ ආර්ථික වැදගත්කම හේතුවෙන් මුහුදු මංතීරු විවෘතව හා ආරක්ෂිතව තබා ගැනීමට රටවල් පොදු උනන්දුවක් දක්වනවා.”

සම්මන්ත්‍රණයට සහභාගී වූවන් අතර ඉන්දු ශාන්තිකර සාගරය මුළුල්ලේ විවිධ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල නියෝජිතයින්, ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්, විද්වතුන් සහ ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් ද ඇතුළත් විය.

t

o

p