ලබන වසරේදී සියලුම ප්‍රාථමික සිසුන් සඳහා දිවා ආහාරය ලබාදීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන ලෝක පාසල් ආහාර වැඩසටහනේ ප්‍රථම ගෝලීය සමුළුව අමතමිනුයි අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් විශාල පිරිසකට මේ වන විට දිවා ආහාරය ලබා දෙන බවයි.
ලබන වසරේදී සියලුම ප්‍රාථමික සිසුන් සඳහාත් 2030 වසර වන විට සියලුම පාසල් සිසුන්ටත් දිවා ආහාරය ලබාදීම අපේක්ෂාව බවයි සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී කියා සිටියි.
එමෙන් ම වාර්ෂික ව පවත්වනු ලබන සෞඛ්‍ය පරීක්ෂණයක් හරහා සිසුන්ගේ පෝෂණ අවශ්‍යතා නිරීක්ෂණය කර අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියසිටියි.
ශ්‍රී ලංකාවේ සාක්ෂරතා අනුපාතය 93%ක් හා වයස අවුරුදු 5 සම්පූර්ණ වන විට එක ශේණියට ඇතුළත් වීමේ අනුපාතය 99%ක් දක්වා වූ ඉහළ අගයක් ගැනීමටත් රජයේ මෙම සුභසාධන වැඩපිළිවෙළ මනා පිටුබලයක් වී ඇති බවයි අමාත්‍යවරයා සමුළුව අමතමින් කියා සිටියි.
ලෝක ආහාර වැඩසටහනේ පූර්ණ සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා මෙහි දී සිහිපත් කරයි.