ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනි දිවයිනට

October 19, 2023

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනි මාරියා ෆර්නැන්ඩා ගාර්සා පස් දින නිල සංචාරයක් සඳහා ඊයේ දිවයිනට පැමිණෙන ලදි.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය මේ වනවිට ලොව පුරා රටවල් 170 ක් නියෝජනය කරන සමාගම් මිලියන 45 ක ආයතනික සාමාජිකත්වය ඇති දැවැන්ත සංවිධානයකි.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයෙක් මෙරට පැමිණි ප්‍රථම අවස්ථාව ද මෙය වෙයි.

මෙම සංචාරය අතරතුර ඇය මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඉහළ පෙලේ නිලධාරීන් රැසක් සමග සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි.

t

o

p