කොටුවේ දුරකථන අලෙවිසැල් 20කට නඩු

October 18, 2023

කොටුව ප්‍රදේශයේ දුරකථන අලෙවි කරන වෙළඳසැල් 20කට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.

එම අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ශන ඒකකය අද සිදු කළ විශේෂ පරීක්ෂාවකදීයි මෙම නීතිමය පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදාහරින දුරකථන හා උපාංගවලට වගකීම් සහතිකයක් ලබා නොදීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, SLS ප්‍රමිතියට අනුකූල නොවන උපාංග අලෙවිය මෙන්ම අලෙවියට ප්‍රදර්ශනය කර තැබීම අදාළ වෙළඳසැල්වලට එරෙහි චෝදනාවයි.

t

o

p