දකුණු පළාතට ඇද හැලුන තද වර්ෂාව හේතුවෙන් ගං වතුරින් අවතැන් වු ජනතාව වෙනුවෙන් වයඹ සිංහල වෙළඳ සංගමය හා වයඹ වෙළද සංගමය, මුස්ලිම් වෙළඳ සංගමය විසින් රුපියල් ලක්ෂ 6ක් වටිනා සහල් සහ පරිප්පු ඇතුළු වියළි ආහාර තොගයක් පසුගිය 14 දින වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා වෙත එම ආණ්ඩුකාර කාර්යාලයේ දී පරිත්‍යාග කරන ලදී.
වයඹ වෙළද සංගම්වල සභාපතිවරුන් වන කීර්ති සමරනායක,සරත්
රත්නායක, එම්.වි.එම්.කීයස් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.