මිශ්‍ර ඡන්ද ක්‍රමය පිළිබඳ යෝජනාව ගැන සාකච්ඡාවක්

October 19, 2023

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණ සඳහා මිශ්‍ර ඡන්ද ක්‍රමයක් හදුන්වාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම මෙන්ම ඡන්ද අපේක්ෂයන්ගේ ඇප මුදල් සංශෝධනය ගැන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පැවැත්විය.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.

එහිදී පක්ෂ නායකයින් දක්වන අදහස් අනුව වාර්තාවක් සකස් කිරීමට කටයුතු කරන බව වාර්තා වෙයි.

මෙවැනි තවත් සාකච්ඡාවක් එළඹෙන පාර්ලිමේන්තු සතියේදී පැවැත්වීමටද මෙම සාකච්ඡාවේදී තීරණය වූ අතර ඒ අනුව එම සාකච්ඡා වටයෙන් පසු මේ පිළිබඳ අවසන් වාර්තාව සකස් කර කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

t

o

p