මදුරුවෝ ඉස්සූ ‘මැස්සා’ අල්ලයි

October 17, 2023

භාවිතය සඳහා ලියාපදිංචි නොකළ යුතු අශ්වබල 48ට අඩු ධාරිතාවයෙන් යුත් ‘මදුරුවා’ නමින් හඳුවන්වන යතුරුපැදි 12ක් සොරකම් කර අලෙවි කළ බව කියන අයෙක් මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘මැස්සා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන 48 හැවිරිදි අයෙක් බවයි වාර්තාවෙයි.

මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ යොදා තිබූ හදිසි මාර්ග බාධකයක දී සැකපිට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී සැකකරු විසින් සිදුකර ඇති යතුරුපැදි සොරකම් පිළිබද තොරතුරු අනාවරණය වී තිබේ.

සැකකරු මාරවිල, පන්නල, කුලියාපිටිය, හෙට්ටිපොල, බිංගිරිය, හලාවත සහ දුම්මලසූරිය යන ප්‍රදේශවලින් මෙම යතරුපැදි සොරාගෙන ඇති බවයි තොරතුරු හෙළිව ඇත්තේ.

මෙම සැකකරු මීට පෙරද යතුරුපැදි සොරකම්කර අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් අයෙක් බවට ද අනාවරණය වූ බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු විසින් සොරකම් කරන ලද යතුරුපැදි මාර්ගයේ ධාවනය කිරීමේ දී රිය බලපත්‍ර ඇතුළු ලියකියවිලි සහ ආරක්ෂිත හිස් වැසුම් අවශ්‍ය නොවන හේතුවෙන් අලෙවි කිරීමේ දී අපහසුතාවයක් නොතිබූ බව ද සැකකරු පොලීසිය හමුවේ පවසා තිබේ.

t

o

p