සටන් විරාම මාධ්‍ය වාර්තා ඊශ්‍රායල රජය ප්‍රතික්ෂේප කරයි

October 17, 2023

මානුෂීය ආධාර සඳහා අවසර ලබා දෙමින් දකුණු ගාසා තීරයට තාවකාලික සටන් විරාමයක් ලබාදීමට එකඟ වූ බවට පළවන මාධ්‍ය වාර්තා ඊශ්‍රායල රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මේ සම්බන්ධව ඊශ්‍රායලයේ අගමැති කාර්යාලය තනි වාක්‍යයක නිවේදනයක් නිකුත් කර ඇති බවත්, එහි සඳහන් වන්නේ ‘සටන් විරාමයක් නැත‘ වගන්තිය පමණක් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

සටන් විරාමයේ පුවත ප්‍රතික්ෂේප කරමින් හමාස් සංවිධානයේ නිලධාරියකු ද රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ ඊජිප්තුව සහ ගාසා තීරය අතර රෆා දේශසීමා දොරටුව තවදුරටත් වසා ඇති බවය.

සඳුදා උදෑසන 9 සිට රෆා දේශසීමාව විවෘත කිරීමට දෙපාර්ශ්වයම එකඟතාවට පැමිණ ඇතැයි ඊජිප්තුවේ ආරක්ෂක සේවා සහනාධාර සැපයුම් කණ්ඩායම්වලට සහ මාධ්‍යවේදීන්ට ඊට පෙර ප්‍රකාශ කර තිබිණි.

t

o

p