14වැනි දකුණු ආසියානු කායවර්ධන ශූරතාවලිය ලංකාවේ දී

October 16, 2023

14 වැනි දකුණු ආසියානු කායවර්ධන ශූරතාවලිය 2024 ජුනි 4 දින සිට 8 දින දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු සැළසුම් කර ඇත.

මේ සදහා වූ විශේෂ සාකච්ඡාවක් ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා සම්මේලනයේ සභාපති Datuk Paul Chua මහතා, විධායක අධ්‍යක්ෂ Christina Y Kam මහත්මිය සහ ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා සම්මේලනයේ මහලේකම් Chetan M. Pathare මහතා ඇතුළු ජාතික සංගමයේ නිළධාරීන්ද එක්ව ක්‍රීඩා හා ‍යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

එහි දී අමාත්‍යවරයා තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට ඉදිරි කටයුතු සිදු කරන ලෙස නිළධාරීන් හට උපදෙස් ලබා ලබා දෙන ලදි. මෙම ශූරතාවලිය ශ්‍රී ලංකාවේ සංවිධානය කිරීමට ඉදිරිපත් වීම පිළිබදව WBPF SRI LANKA නිලධාරීන් වන ජගත් සමරසේකර, ජනක සමරසිංහ යන මහත්වරුන්ට සහ ඔවුන්ගේ කණ්ඩායමට ස්තූතිය පල කිරීමට ද අමාත්‍යවරයා කටයුතු කළේය.

ඉදිරියේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ශූරතාවලිය පිළිබදව සාර්ථක සාකච්ඡාවක් පැවැත්වීමට ලැබීම සහ එය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා අමාත්‍යවරයා දක්වන උනන්දුව හා සහයෝගය පිළිබඳව WBPF සභාපතිවරයා සහ නියෝජිතයන් අතිශයින් සතුටට පත් වූ බව ප්‍රකාශ කළේය. ඒ සදහා ඔවුන්ගේ ස්තූතිය ද අමාත්‍යවරයා වෙත පල කරන ලදි.

මෙම සාකච්ඡාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.මහේසන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.පී.එස්.ආර්. ද සිල්වා මහතා හා තහනම් උත්තේජන මර්දන නියෝජ්‍යායතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ශිරෝමි අල්විස් මහත්මිය සහභාගී විය.

t

o

p