ඉන්දියාවේ සිකිම් නුවර ගංවතුරට යට වෙයි

October 5, 2023

ඉන්දියාවේ නැඟෙනහිර දෙසින් පිහිටි සිකිම් පළාතට ඇද හැළුනු අධික වර්ෂාව හේතුවෙන් උද්ගත වූ ගංවතුරට හසු වූ එරට යුද හමුදාවේ සෙබළුන් 23 දෙනකු අතුරුදන් වී ඇතැයි වාර්තා වේ.

චීන දේශසීමාව ආසන්නයේ පිහිටි එම පළාතේ ගංවතුර තත්ත්වය ඉහළ මට්ටමක පවතින බවත්, පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අතුරුදන් වූ හමුදා සෙබළුන් සෙවීමට මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ඉන්දීය යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

t

o

p