දුම්රිය උපනියාමක වැඩ වර්ජනය අවසන්

October 5, 2023

දුම්රිය උපනියාමකවරුන් සිය වැඩ වර්ජනය අවසන් කර තිබේ.

ඒ අද පෙරවරුවේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.

වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ (04) දිනයේ ත් දුම්රිය රැසක් අවලංගු කෙරුණි.

මේ අතර අද පෙරවරුවේ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දැනුම් දී තිබුණේ අද (05) දහවල් 12.00 ට පෙර සියලු උපදුම්රිය නියාමකවරුන් වහාම නියමිත සේවා ස්ථානවලට වාර්තා කරන ලෙසයි.

දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු දුම්රිය උපනියාමකවරයෙකුට පහරදීම හේතුවෙන්, දුම්රිය උපනියාමකයින් මෙම හදිසි වැඩ වර්ජනය ආරම්භ කළේ ය.

t

o

p