බිනර පොහොය අදයි

September 29, 2023

බුද්ධ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුවූ බිනර පුර පසලොස්වක පොහෝ දිනය අද(29)යි.

බුද්ධ ශාසනය තුළ භික්ෂුණී ශාසනය ආරම්භවීම සිදු වූ දිනය වන බැවින්, බිනර පොහොයට ශාසන ඉතිහාසයේ හිමිවන්නේ වැදගත් ස්ථානයකි.

බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩවසන සමයේ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු 500ක් කුල කාන්තාවන් තෙවන වරටත් පැමිණ පැවිදි වන්නට අවසර ඉල්ලා සිටියේ අද වැනි පුර පසලොස්වක දිනකයිදී ය.

එහිදී ආනන්ද තෙරුන් වහන්සේගේ මැදිහත්වීම මත බුදුන්වහන්සේ විසින් භික්ෂුණීන් පිළිපැදිය යුතු ගරු ධර්ම අටක් පනවමින් ඊට අවසර ලබාදුන්නේ ය.

ශාසනික මෙන්ම සාහිත්‍යමය වශයෙන් ද ලෝකවාසී බෞද්ධ ජනතාවට බිනර පොහොය වැදගත් දිනයකි.

t

o

p