ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් ආයතනයෙන් පරීක්‍ෂණයක්

September 29, 2023

ධනුෂ්ක ගුණතිලක, ඕස්ට්‍රේලියානු අධිකරණයේ ගොනුකර තිබූ චෝදනාවලින් නිදහස් වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහු සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ඊයේ (28) පස්වරුවේ පැවසීය.

ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස ලෝක කුසලාන තරගාවලිය තුළදී ද විනය කඩකර ඇතැයි ඕස්ටේ්‍රලියාවේදී පැවැති අධිකරණ ක්‍රියාමාර්ගයේදී ද ප්‍රකාශයට පත්වූ බවත් ඔහු මෙරටට පැමිණි වහාම චෝදනා පත්‍රයක් භාරදෙන බවත් එම නිලධාරියා සඳහන් කළේය.

t

o

p