වංචා හා දූෂණවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරින්ගෙන් අධිභාර අය කිරීම ඇරඹෙයි

September 30, 2023

විගණන පනතේ නව ප්‍රතිපාදන යටතේ වංචා හා දූෂණවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරින්ගෙන් අධිභාර අය කිරීම ආරම්භ කළ බව ජාතික විගණන කොමිෂන් සභාව පවසයි.

ජාතික විගණන කොමිසම සඳහන් කළේ, වංචාවක් හා දූෂණයක් හා අක්‍රමිතාවක් මගින් රජයට අලාභයක් සිදු කිරීම හා එය පවතින නීතියට පටහැනි ලෙස කිරීම යන චෝදනා දෙකට වරදකරුවන් වන පුද්ගලයින්ගෙන් අධිභාර අයකර ගන්නා බවයි.

ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ගණන් ගැනීමේ නිලධාරියාට නියෝග පැනවීමට විගණන කොමිසමට හැකියාව පවතී.

ඒ අනුව අධිභාර පැනවිය යුතු රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකු මේ වනවිට හඳුනා ගෙන තිබේ.

කෙසේ වෙතත් අධිභාර පැනවීමට එරෙහිව ඔවුන්ට අභියාචනා යොමු කිරීමට හැකියි.

ඒ සඳහා අභියාචනා කමිටුවක් පිහිටුවිය යුතු වුවත් ව්‍යවස්ථාදායක සභාව එම කමිටුව මෙතෙක් පත් කර නැහැ.

ඒ හේතුවෙන් අධිභාර නියෝග ක්‍රියාත්මක කිරීම එම කමිටුව පිහිටුවන තෙක් ප්‍රමාද කර ඇති බව ජාතික විගණන කොමිසම ප්‍රකාශ කළේ ය.

t

o

p