ආසියානු කිරුළට යළිත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව එකට ගැටෙයි

September 25, 2023

‍ඊයේ (24) දින චීනයේ හැන්ග්ෂුහිදී පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් පාකිස්ථාන කණ්ඩායම පරදා කඩුලු 06ක ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව ඇත.

එම ජයග්‍රහණයත් සමග ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අද (25) දින පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී කාන්තා කණ්ඩායම සමත්ව ඇත.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 75ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 03ක් තුළ කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 76ක ඉලක්කය පසුකර ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම සමග අද (25) දින අවසන් තරගය පැවැත්වීමට නියමිතව ඇත.

t

o

p