අවිධිමත්ව කැළි කසළ බැහැරකිරීමෙන් රක්ෂිතයන් වැනසෙයි

September 24, 2023

මෙම පරිසර විනාශය සිදුව ඇත්තේ පොතුවිල් ප්‍රාදේශීය සභාව විසින් අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම දිගු කාලීනව පුරුද්දක් ලෙස සිදුකිරීම හේතුවෙන්.

දැඩි පාරිසරික ගැටලුවකට ලක්ව ඇති මෙම රක්ෂිත ප්‍රදේශය නිරීක්ෂණය සඳහා ශාක්‍ය පුත්‍ර සංවර්ධන ව්‍යාපාරයේ භික්ෂූන් වහන්සේ පිරිසක් ද එම ස්ථානයට පැමිණෙනලදි.

සෙන්ගමුව රක්ෂිතයේ අක්කර ගණනක භූමි ප්‍රමාණයක බැහැර කර ඇති මෙම කසළ ආහාරයට ගැනීම සඳහා වනඅලි රංචු පිටින් එහි පැමිණ ඇති ආකාරයද දැකගත හැකියි.

නැගෙනහිර පළාතට අයත් පොතුවිල්හි මෙම රක්ෂිතය ආශ්‍රිත ප්‍රදේශය පුරාවිද්‍යාත්මක අතින්ද වැදගත් ස්ථානයක්.

ප්‍රදේශයේ විශාල ගස් ප්‍රමාණයක් ගිනි තබා විනාශ කර ඇති බවත්, පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ඉඩම් අල්ලා ගැනීමේ ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක බවටත් භික්ෂූන් වහන්සේ චෝදනා කරයි.

t

o

p