නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

September 25, 2023

නිපා වෛරසය පිළිබඳ සමාජය තුළ කතාබහක් ගොඩනැගී ඇති පසුබිමක් තුළ ඒ සඳහා කිසියම් ආරක්ෂිත වැඩ පිළිවෙලකට ඉදිරියේදී යායුතු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

ඒ පිළිබඳව නිරන්තරයෙන් අවදානයෙන් සිටන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඊට අදාළ උපදෙස් ලබා ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා මහනුවර පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් සඳහන් කළේ.

නිපා 1999 වසරේ මුල් වරට මලයාසියාවෙන් හඳුනා ගත් අතර පසුගියදා යළිත් මෙම වෛරසය සම්බන්ධයෙන් කථාබහට ලක්වූයේ ඉන්දියාවේ – කේරළ ප්‍රාන්තය තුළ පැතිරයාමත් සමඟයි.

ඉන්දියාවෙන් මේ දක්වා රෝගීන් නීපා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ රොගීන් 6 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර මරණ දෙකක් වාර්තා වී තිබේ.

t

o

p