“Xpress Pearl” නෞකාවේ වන්දිය ලැබෙයි

September 25, 2023

ලංකාවේ මුහුදු සමාගමේ ගිනිගෙන විනාශ වී මුහුදුබත් වු “Xpress Pearl” නෞකාවෙන් සිදු වූ හානිය වෙනුවෙන් ඩොලර් 890,000ක් හා රුපියල් මිලියන 16ක මුදලක් ලබාදී ඇති බව වාර්තා වේ.

“Xpress Pearl” නෞකාවේ රක්ෂණ සමාගම විසින් අතුරු දීමනාවක් ලෙස මෙම මුදල ලබා දුන් බවත් එම මුදල මේ වන විට මහා භාණ්ඩාගාරයට ලැබී ඇති බවද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සදහන් කරයි.

ගිනිගෙන විනාශ වු “Xpress Pearl” නෞකාවේ අනතුරට අදාල වන්දි මුදල ලබාගැනීම සදහා මේ වන විටත් සිංගප්පූරුවේ නඩු කටයුත්තක් ක‍්‍රියාත්මක වෙමින් ඇති බවද සදහන් කරයි.

t

o

p