දුම්රිය සීසන් ක්‍රමය අහෝසි කිරීමට යෝජනා

September 25, 2023

වාර ප්‍රවේශ පත්‍ර හෙවත් සීසන් ක්‍රමය අහෝසි කිරීමටත්, දැනට ක්‍රියාත්මක දුම්රිය ගාස්තු ඉහළ දැමීමටත් සුදානමක් පවතින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමෙන් පසුව එම ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව රුපියල් විස්සක් වන අවම දුම්රිය ගාස්තුවේ සිට සෙසු සියලු ගාස්තු, බස් ගාස්තු හා සමානව හෝ ආසන්න ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට ප්‍රවාහන අමාත්‍යාංශය යෝජනා කර ඇති බවද වාර්තා වේ.

දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ක්‍රමය අහෝසි කිරීමෙන් විශාල ආදායමක් ලද හැකි බවත් එම ආදායමෙන් සේවක වැටුප් ගෙවිය හැකි බවද දුම්රිය වෘත්තීය සමිති සමඟ පැවති සාකච්ඡාවකදී සදහන් කර ඇත.

t

o

p