ඩෙංගු රෝගීන් ගණන ඉහළට

September 24, 2023

මෙම මාසයේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගේ සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ පසුගිය දිනවල පැවති වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බවයි.

ඒ අනුව, මෙම මාසයේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 2,003 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.

මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63,881 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

t

o

p