බස්නාහිර පළාත් ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවයි

September 24, 2023

බස්නාහිර පළාතේ පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා ගුරු ශ්‍රේණියේ 3 පන්තියේ 1(අ) ශ්‍රේණියට මෙම බඳවා ගැනීම් සිදු කෙරෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව 2023 (අදියර II) සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් මෙලෙස කැඳවනු ඇති.

2023.09.22 දිනැති රජයේ ගැසට් පත්‍රයේ IV (අ) වැනි කොටසෙහි බඳවා ගැනීමේ නිවේදනය පළ කර ඇති අතර අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය ලබන ඔක්තෝබර් මස 09 වනදා ලෙසටයි දක්වා ඇත්තේ.

t

o

p