මූල්‍ය අපරාධ නඩු විභාග කිරීමට විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතුයි – ශ්‍රී ලංකා මහ බැංකුව

September 24, 2023

මූල්‍ය අපරාධ නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශය යෝජනා කර තිබේ.

ඒ, 2021/22 වර්ෂය සඳහා වන මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ ජාතික අවදානම ඇගයීමේ සංක්ෂිප්ත වාර්තාව එළිදක්වමිනි.

එම වාර්තාවේ සඳහන් වන්නේ, අවිධිමත් ලෙස මුදල් ප්‍රේෂණ කිරීම නොහොත් හවාලා හෝ උන්ඩියල් ක්‍රමවේදය මෙරට ඉහළම අවධානමක් සහිත මුදල් විශුද්ධිකරණ ක්‍රමවේදය බවට පත්ව ඇති බවයි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට අදාළ නව නීති හඳුන්වාදීම සඳහා නිර්දේශ ශ්‍රී ලංකා මහ බැංකුව සිය නවතම වාර්තාවෙන් ඉදිරිපත් කර ඇත.

t

o

p