ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට (20) දිනයේ අත්හිටුවයි

September 19, 2023

ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට (20) දිනයේ අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට පෙරවරු 09 සිට පස්වරු 06 දක්වා පැය 09ක කාලයක් පහත ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවනු ඇත.

මුරුංගන් නගරය, මන්නාරම නගරය හා ඒ අවට ප්‍රදේශය, පල්ලිමුනෙයි, එලුත්තූර්, තෝට්ටවේලි, එරුකක්කලම්පිඩි, වංකාලෙයි‍, අඩම්පන්, තිරුකේදීස්වරම්, නාගතාල්වූ,සිරුතෝප්පු

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙම ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

t

o

p