එලෝන් මස්ක් ගාස්තු අය කරන්න සැරසෙයි

September 19, 2023

ට්විටර් සමාජ මාධ්‍ය ජාලය හෙවත් ‘එක්ස්’ පරිශීලකයින්ට ඉරිදියේ දී මාසික ගාස්තුවක් හඳුන්වාදීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව එහි හිමිකරු එලෝන් මස්ක් පවසා තිබේ.

මේ වනවිටත් එම සමාගම විසින් X Premium නමින් අතිරේක වාරික සේවාවක් ලබාදෙන අතර, එය මාසයකට ඩොලර් 08ක මුදලක් ගෙවා ලබාගැනීමේ හැකියාවක් පවතියි.

මෙය එලෝන් මස්ක්ගේ හුදු ප්‍රකාශයක් ද, නැතහොත් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති ස්ථිර සැලසුම් පිළිබඳ සංඥාවක් ද යන්න පැහැදිලි නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසයි.

t

o

p